Skip to main content

Posts

පරිඝනක තොරතුරු පද්ධති

තොරතුරු තාක්ෂණය අද ලෝකයේ ගෘහස්ථ ක්‍රියකාරකම් වල සිට සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලි දක්වා පුළුල් පරාසයක විහිදී පවතී. ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි එය යොදාගැනෙනුයේ "පරිඝනක තොරතුරු පද්ධති" (Computer Information Systems) භාවිතයෙනි. ප්‍රථමයෙන්ම, අපි දත්ත සහ තොරතුරු යනු කුමක්දැයි සොයා බලමු. දත්ත යනු දළ කරුණු ය. දත්ත තනිව එවායේ මුල් ස්වභාවයෙන් පවතින විට, එතරම් ප්‍රයෝජනයක් නැත. උදාහරණයක් ලෙස, අයෙකු ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලකින් සිමෙන්ති සහ ගඩොල් මිළදී ගන්නා අවස්ථාවක් සළකා බලමු. මෙහිදී එක් සිමෙන්ති උරයක මිළත්, එක් ගඩොල් කැටයක මිළත්, පාරිභෝගිකයා මිළදී ගත් සිමෙන්ති උර ගණනත්, ගඩොල් කැට ගණනත් දත්ත (එනම් දළ කරුණු) වේ. දත්ත සැකසීමකට (processing) ලක් කිරීමෙන් තොරතුරු ලැබේ. ඉහත අවස්ථාවේදී ඒ ඒ භාණ්ඩ වල ඒකක මිළ හා මිළට ගත් ප්‍රමාන භාවිතයෙන් ලබාගන්නා බිල්පතෙහි සම්පූර්ණ වටිනාකම තොරතුරකි. ඒ සඳහා කරණලද ගුණ කිරීම් හා එකතු කිරීම් සමූහය සැකසීම් ක්‍රියාවලියයි. එකිනෙකින් වෙන්වූ දත්ත සමූහය වෙනුවට, එවා සකසාගත් ලබාගත් තොරතුර මේ අවස්ථාවේදී ප්‍රයෝජනවත් වේ. පරිඝනක තොරතුරු පද්ධතියක් යනු, ව්‍යාපාරික ක්‍රියාවලීන්
Recent posts

How to Help a Friend in a Hardship of Life in 5 Easy Steps

Things to keep in mind, before you lend a helping hand For people who go through hardships, it's difficult to keep the presence in mind and make rational decisions to overcome their current situation. The supporter should keep this in mind first. The objective of the supporter should be to listen and understand these problems and provide solutions, advice or suggestions. Depending on the level of friendship/trust/closeness between the person and supporter, the supporter can provide one or all of these. This is the second thing that the supporter should keep in mind. Some people, even though how close they are to you, are not ready to accept support. Some people heed what you say, but do not act upon your guidance or suggestions. Therefore, your actions might not yield your expected results always. As a supporter, you should not be disappointed or discouraged by this. This is the third point to keep in mind. How to help and support The person who go through hardship will h

මියුසික් වීඩියෝ හදන්න කන කට්ටක්

මීට සති දෙකකට වගේ කලින් මම ගියා මියුසික් වීඩියෝ එකක් රූගතකරනවා බලන්න. සිංදුව කිව්වෙ මගේ පාසලේ මිතුරෙක් වූ සුමුදුත්, ඔහුගෙ මල්ලි ශනුකත් විසින්. රූගතකිරීම් තිබුනේ වාද්දුව Blue Water හෝටලේ කිට්ටුව මුහුදු වෙරළ හා ඒ අවට. ඉතින් මටත් ආරාධනාවක් ලැබුනා බලන්න එන්න. :-) සුමුදුගේ ඉල්ලීම පිට මම යාලුවෙක්ගෙ කැමරාවකුත් උස්සන් ගියා රූගතකිරීමෙ ෆොටෝ ගන්න. රූගතකිරීම් කරගෙන යන අතරතුර අපිට පොඩි අකරතැබ්බයකට මුහුන දෙන්න සිදුවුනා. පිටපතේ තියෙනවා නළුවයි නිළියයි වාහනේක යන දර්ශනයක්. ඒක රූගත කරන්න වාහන දෙකක් වෙරළට සමාන්තරව පදවන්න ඕනා. එකක නළු නිළියයි, අනෙකෙ කැමරාව. ගායකයො දෙන්න තමයි වාහන දෙක පදවන්න හිටියෙ. අධ්‍යක්ෂක "ඇක්ශන්" කිව්ව විතරයි, නළුවයි නිළියයි හිටපු වාහනේ එරුනා මූදු වැල්ලෙ.. දැන් ඉතින් මොනව කරන්නද? රූගතකිරීම් පැත්තකින් තියලා කට්ටියම වාහනේ ගොඩ ගන්න හදනවා. නිළිය ඇරෙන්න අනිත් හැමෝම වාහනේ තල්ලු කරනවා. කොච්චර මහන්සි උනත් සිද්ධ උනේ වාහනේ තවත් එරෙන එක. අන්තිමට ඒ කිට්ටුව තිබ්බ Fisherman's Villa Restaurant එකෙන් ලනුවක් ගෙනත්, අනිත් වාහනෙන් ඇදලා, අපි තවත් තල්ලු කරලා, යාන්තං ගොඩ ගත්තා. කට්ටියම හොඳ

අම්බලම් නැති රටේ...

මට මේ සටහන ලියන්න හිතුනේ අද උදේ දැකපු හද සසල කරවන සිද්ධියක් නිසා. මම ඔෆීස් එකට ඈවිදගෙන එනකොට දැක්කා පාර අයිනෙ රෝද පුටුවක් නවත්වලා තියෙනවා. බෑලූ බැල්මට කවුරුත් නෑ. ටිකක් කිට්ටු කරල බලද්දි, සරමක් ඔලුවෙ ඉඳන් පෙරවගත්ත මනුස්සක් ඒක උඩ නිදි. හරියට රෙදි පොට්ටනියක් වගේ පොඩියට පෙනුනෙ. ඒ වකුටු වෙලා ඉන්න නිසාද, දෙපා නැති නිසාද කියලා හිතා ගන්න බෑ, මුලු ශරීරයම සරමෙන් වැහිලා තිබුනු නිසා. මෙහෙම අසරණ මිනිස්සුන්ට රෑට වැටිලා නිදාගන්න තැනක් තියෙනවා නම් අඩුම ගානෙ. ඒ කාලෙ නම් ගව්වෙන් ගව්ව අම්බලම් තිබ්බලු. ඒවයෙ වතුර බොන්න පිංතාලි තිබ්බලු. මට මතක් උනා මටත්, මගෙ මිත්‍ර චමිත්ටත් මුහුනපාන්නවුනු අත්දැකීමක්, 2004 වසරෙදි. අපි පංති ගිහින් එන අතරෙදි දැක්කා පාර අයිනෙ ක්ලාන්ත වෙලා වැටිලා හිටිය ආච්චි කෙනෙක්ව. (ඒ කතාව පස්සෙ කියන්නම්) එදත් අපිට ඒ මනුස්සයව නවත්තන්න තැනක් තිබුනෙ නෑ. අදටත් අම්බලම් නැති උනාට, අම්බලම් වල නවතින්න මිනිස්සු ඉන්නවා.

My First Step into Blogging

Ahhhh... It's about time I started blogging... I had quite a longing to start a blog, but work and studies kept me 100% occupied. I'm also suprised why I started to write a blog so late. Anyway, it's better later than never!!! Let's see how this will turn out...