Skip to main content

Posts

Showing posts from September, 2010

මියුසික් වීඩියෝ හදන්න කන කට්ටක්

මීට සති දෙකකට වගේ කලින් මම ගියා මියුසික් වීඩියෝ එකක් රූගතකරනවා බලන්න. සිංදුව කිව්වෙ මගේ පාසලේ මිතුරෙක් වූ සුමුදුත්, ඔහුගෙ මල්ලි ශනුකත් විසින්. රූගතකිරීම් තිබුනේ වාද්දුව Blue Water හෝටලේ කිට්ටුව මුහුදු වෙරළ හා ඒ අවට. ඉතින් මටත් ආරාධනාවක් ලැබුනා බලන්න එන්න. :-) සුමුදුගේ ඉල්ලීම පිට මම යාලුවෙක්ගෙ කැමරාවකුත් උස්සන් ගියා රූගතකිරීමෙ ෆොටෝ ගන්න. රූගතකිරීම් කරගෙන යන අතරතුර අපිට පොඩි අකරතැබ්බයකට මුහුන දෙන්න සිදුවුනා. පිටපතේ තියෙනවා නළුවයි නිළියයි වාහනේක යන දර්ශනයක්. ඒක රූගත කරන්න වාහන දෙකක් වෙරළට සමාන්තරව පදවන්න ඕනා. එකක නළු නිළියයි, අනෙකෙ කැමරාව. ගායකයො දෙන්න තමයි වාහන දෙක පදවන්න හිටියෙ. අධ්‍යක්ෂක "ඇක්ශන්" කිව්ව විතරයි, නළුවයි නිළියයි හිටපු වාහනේ එරුනා මූදු වැල්ලෙ.. දැන් ඉතින් මොනව කරන්නද? රූගතකිරීම් පැත්තකින් තියලා කට්ටියම වාහනේ ගොඩ ගන්න හදනවා. නිළිය ඇරෙන්න අනිත් හැමෝම වාහනේ තල්ලු කරනවා. කොච්චර මහන්සි උනත් සිද්ධ උනේ වාහනේ තවත් එරෙන එක. අන්තිමට ඒ කිට්ටුව තිබ්බ Fisherman's Villa Restaurant එකෙන් ලනුවක් ගෙනත්, අනිත් වාහනෙන් ඇදලා, අපි තවත් තල්ලු කරලා, යාන්තං ගොඩ ගත්තා. කට්ටියම හොඳ