Skip to main content

Posts

Showing posts with the label information technology

පරිඝනක තොරතුරු පද්ධති

තොරතුරු තාක්ෂණය අද ලෝකයේ ගෘහස්ථ ක්‍රියකාරකම් වල සිට සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියාවලි දක්වා පුළුල් පරාසයක විහිදී පවතී. ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි එය යොදාගැනෙනුයේ "පරිඝනක තොරතුරු පද්ධති" (Computer Information Systems) භාවිතයෙනි. ප්‍රථමයෙන්ම, අපි දත්ත සහ තොරතුරු යනු කුමක්දැයි සොයා බලමු. දත්ත යනු දළ කරුණු ය. දත්ත තනිව එවායේ මුල් ස්වභාවයෙන් පවතින විට, එතරම් ප්‍රයෝජනයක් නැත. උදාහරණයක් ලෙස, අයෙකු ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලකින් සිමෙන්ති සහ ගඩොල් මිළදී ගන්නා අවස්ථාවක් සළකා බලමු. මෙහිදී එක් සිමෙන්ති උරයක මිළත්, එක් ගඩොල් කැටයක මිළත්, පාරිභෝගිකයා මිළදී ගත් සිමෙන්ති උර ගණනත්, ගඩොල් කැට ගණනත් දත්ත (එනම් දළ කරුණු) වේ. දත්ත සැකසීමකට (processing) ලක් කිරීමෙන් තොරතුරු ලැබේ. ඉහත අවස්ථාවේදී ඒ ඒ භාණ්ඩ වල ඒකක මිළ හා මිළට ගත් ප්‍රමාන භාවිතයෙන් ලබාගන්නා බිල්පතෙහි සම්පූර්ණ වටිනාකම තොරතුරකි. ඒ සඳහා කරණලද ගුණ කිරීම් හා එකතු කිරීම් සමූහය සැකසීම් ක්‍රියාවලියයි. එකිනෙකින් වෙන්වූ දත්ත සමූහය වෙනුවට, එවා සකසාගත් ලබාගත් තොරතුර මේ අවස්ථාවේදී ප්‍රයෝජනවත් වේ. පරිඝනක තොරතුරු පද්ධතියක් යනු, ව්‍යාපාරික ක්‍රියාවලීන් ...