මීට සති දෙකකට වගේ කලින් මම ගියා මියුසික් වීඩියෝ එකක් රූගතකරනවා බලන්න. සිංදුව කිව්වෙ මගේ පාසලේ මිතුරෙක් වූ සුමුදුත්, ඔහුගෙ මල්ලි ශනුකත් විසින්. රූගතකිරීම් තිබුනේ වාද්දුව Blue Water හෝටලේ කිට්ටුව මුහුදු වෙරළ හා ඒ අවට. ඉතින් මටත් ආරාධනාවක් ලැබුනා බලන්න එන්න. :-) සුමුදුගේ ඉල්ලීම පිට මම යාලුවෙක්ගෙ කැමරාවකුත් උස්සන් ගියා රූගතකිරීමෙ ෆොටෝ ගන්න.
රූගතකිරීම් කරගෙන යන අතරතුර අපිට පොඩි අකරතැබ්බයකට මුහුන දෙන්න සිදුවුනා. පිටපතේ තියෙනවා නළුවයි නිළියයි වාහනේක යන දර්ශනයක්. ඒක රූගත කරන්න වාහන දෙකක් වෙරළට සමාන්තරව පදවන්න ඕනා. එකක නළු නිළියයි, අනෙකෙ කැමරාව. ගායකයො දෙන්න තමයි වාහන දෙක පදවන්න හිටියෙ. අධ්‍යක්ෂක "ඇක්ශන්" කිව්ව විතරයි, නළුවයි නිළියයි හිටපු වාහනේ එරුනා මූදු වැල්ලෙ..
දැන් ඉතින් මොනව කරන්නද? රූගතකිරීම් පැත්තකින් තියලා කට්ටියම වාහනේ ගොඩ ගන්න හදනවා. නිළිය ඇරෙන්න අනිත් හැමෝම වාහනේ තල්ලු කරනවා.
කොච්චර මහන්සි උනත් සිද්ධ උනේ වාහනේ තවත් එරෙන එක. අන්තිමට ඒ කිට්ටුව තිබ්බ Fisherman's Villa Restaurant එකෙන් ලනුවක් ගෙනත්, අනිත් වාහනෙන් ඇදලා, අපි තවත් තල්ලු කරලා, යාන්තං ගොඩ ගත්තා. කට්ටියම හොඳට වැලි නෑවා.
ඊට පහුවෙනිදා මට විභායක් තිබුණු නිසා මම වාහනේ ගොඩ ගත්ත ගමන් ගෙදර ආවා. අද තමයි මට වීඩියෝ එක දකින්න ලැබුනේ. වීඩියෝ එක මෙතනින් බලන්න.
මේක බලනකොට මට "අනේ අපොයි" කියලා හිතුනා. අපි මෙච්චර කට්ටක් කාල තියෙන්න තත්පර 5ක දර්ශනේකට! (1:10 වන මිනිත්තුවෙ තියෙන රූප රාමුව) කොහොමින් හරි එකත් හොඳ විනෝදාත්මක අත්දැකීමක් උනා.
ගීතයත් අහලම බලන්න...
සංකල්පනාවෝ...
ගායනය: සුමුදු සහ ශනුක
සංගීතය: කසුන් කල්හාර
පද: අරුණ කිත්සිරි
මම ගත්ත ෆොටෝ ඊළඟ ලිපියෙන් පළකරන්නම්...
මට මේ සටහන ලියන්න හිතුනේ අද උදේ දැකපු හද සසල කරවන සිද්ධියක් නිසා. මම ඔෆීස් එකට ඈවිදගෙන එනකොට දැක්කා පාර අයිනෙ රෝද පුටුවක් නවත්වලා තියෙනවා. බෑලූ බැල්මට කවුරුත් නෑ. ටිකක් කිට්ටු කරල බලද්දි, සරමක් ඔලුවෙ ඉඳන් පෙරවගත්ත මනුස්සක් ඒක උඩ නිදි. හරියට රෙදි පොට්ටනියක් වගේ පොඩියට පෙනුනෙ. ඒ වකුටු වෙලා ඉන්න නිසාද, දෙපා නැති නිසාද කියලා හිතා ගන්න බෑ, මුලු ශරීරයම සරමෙන් වැහිලා තිබුනු නිසා. මෙහෙම අසරණ මිනිස්සුන්ට රෑට වැටිලා නිදාගන්න තැනක් තියෙනවා නම් අඩුම ගානෙ. ඒ කාලෙ නම් ගව්වෙන් ගව්ව අම්බලම් තිබ්බලු. ඒවයෙ වතුර බොන්න පිංතාලි තිබ්බලු. මට මතක් උනා මටත්, මගෙ මිත්‍ර චමිත්ටත් මුහුනපාන්නවුනු අත්දැකීමක්, 2004 වසරෙදි. අපි පංති ගිහින් එන අතරෙදි දැක්කා පාර අයිනෙ ක්ලාන්ත වෙලා වැටිලා හිටිය ආච්චි කෙනෙක්ව. (ඒ කතාව පස්සෙ කියන්නම්) එදත් අපිට ඒ මනුස්සයව නවත්තන්න තැනක් තිබුනෙ නෑ. අදටත් අම්බලම් නැති උනාට, අම්බලම් වල නවතින්න මිනිස්සු ඉන්නවා.
Comments
www.cinelanka.net