Skip to main content

Posts

අම්බලම් නැති රටේ...

මට මේ සටහන ලියන්න හිතුනේ අද උදේ දැකපු හද සසල කරවන සිද්ධියක් නිසා. මම ඔෆීස් එකට ඈවිදගෙන එනකොට දැක්කා පාර අයිනෙ රෝද පුටුවක් නවත්වලා තියෙනවා. බෑලූ බැල්මට කවුරුත් නෑ. ටිකක් කිට්ටු කරල බලද්දි, සරමක් ඔලුවෙ ඉඳන් පෙරවගත්ත මනුස්සක් ඒක උඩ නිදි. හරියට රෙදි පොට්ටනියක් වගේ පොඩියට පෙනුනෙ. ඒ වකුටු වෙලා ඉන්න නිසාද, දෙපා නැති නිසාද කියලා හිතා ගන්න බෑ, මුලු ශරීරයම සරමෙන් වැහිලා තිබුනු නිසා. මෙහෙම අසරණ මිනිස්සුන්ට රෑට වැටිලා නිදාගන්න තැනක් තියෙනවා නම් අඩුම ගානෙ. ඒ කාලෙ නම් ගව්වෙන් ගව්ව අම්බලම් තිබ්බලු. ඒවයෙ වතුර බොන්න පිංතාලි තිබ්බලු. මට මතක් උනා මටත්, මගෙ මිත්‍ර චමිත්ටත් මුහුනපාන්නවුනු අත්දැකීමක්, 2004 වසරෙදි. අපි පංති ගිහින් එන අතරෙදි දැක්කා පාර අයිනෙ ක්ලාන්ත වෙලා වැටිලා හිටිය ආච්චි කෙනෙක්ව. (ඒ කතාව පස්සෙ කියන්නම්) එදත් අපිට ඒ මනුස්සයව නවත්තන්න තැනක් තිබුනෙ නෑ. අදටත් අම්බලම් නැති උනාට, අම්බලම් වල නවතින්න මිනිස්සු ඉන්නවා.

My First Step into Blogging

Ahhhh... It's about time I started blogging... I had quite a longing to start a blog, but work and studies kept me 100% occupied. I'm also suprised why I started to write a blog so late. Anyway, it's better later than never!!! Let's see how this will turn out...